මායාවෝ ආශාවෙන් ඉගිලී ගියා
ඇගෙ උන්මාද රතඳර තෙමා
ඇඳුනාදෝ ගැඹුරටම ඔය රූ සොබා
ඇත හද ගැස්මේ ඔබෙ නම ලියා
ශංගාරේ අවුලන්නේ උණුහුම් රටා
සිපගන්න දෙනුවන් වසා
ළය මඬළේ මැද පතුළේ චංචල ලතා
හිත මාගෙ නිරුවත් කලා
අභිසාරීකා මන බන්ඳනා
ඈ මගෙමයි සදා
රූ අංජනා මගෙ හුස්මට වඩා
මං නුඹට ආදරේ වෙලා
මං නුඹට ළෙංගතු වෙලා
කිසිදාක හැකිවේද සිරිකත වෙලා
මගෙ සිරියහන සරසන්නටා
ඒ පැතුම මගෙ ළමැදෙ මිහිදන් වෙලා
සඳ ඔබටයි මේ ආරාධනා
කිසිදාක වෙන් නොවන බව දිවුරලා
ඔය දෑස මම සිපගමි
මතු දිනක ඔය උකුලෙ මගෙ හිස තියා
මේ ලෝකෙ හැරදා යමි